මායා දේවිය | Maya Deviya by Sanuka x Windy

Sinhala song lyrics with music notes illustration

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

මායා දේවිය මව්පියො දැකුමට
සපිරිවරා යන අතරමඟේ
ලුම්බිණි සල් උයනේ සිරි දැකුමට
ආශා ඇතිවිය පින් මහිමේ

අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා

මායා දේවිය..

කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply