මිහින්තලාවයි | Mihinthalawai by SANUKA from Bathi Gee Dayawa [2021]

Sinhala song lyrics with music notes illustration

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි
මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

අනුබුදුහිමි බුදු ධර්මය රැගෙන වැඩිය දින
තිස්ස කුමරු මුව දඩයමෙ යෙදුනේ මේ දින
පාපෙන් වළකා කුමරුන් සීලෙ පිහිටු දින
අඹ පැන විසඳා ධර්මය දෙසු මේ පෝ දින

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

සසර වසන සතට අමා නිවන් මඟට යන
ධර්මාලෝකය ලද මේ පොසොන් පොහෝ දින
සදහම් ආලෝකෙන් ලක්බිම බැබලූ දින
දොහොත් මුදුන් දී නමදිමි උතුම් මෙ පෝ දින

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි
මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply