in Pathum Madusanka, Tharindu Damsara, Uncategorized

Mount ලැවීනියා | Mount Lavinia by Pathum Madusanka ft. Tharindu Damsara [2019]

අදහසක් නැති හිස් පිටුවකි
හැඟීමක් නොඑනා හිස්කමකි
ප්‍රේමයක් වුව රික්තයකි
නිතර අවුලන අවනඩුවකි
මේ කවි නොලියෙන කාර්තුවයි

මතකද එදවස
රතුපාට හැන්දෑවක
මවුන්ට් ලැවීනියා අහස
අප වෙනුවෙන්ම
මගබලා උන්හැටි
මතකද එදවස

ගෙවීයන තත්පරය පවා
කල්පයක් මෙන් දැනෙන
දිනක් දෙකක් වුව
ආත්ම ගනනාවක් මෙන්
ගලපාගන්නට
කල්පනාබරව උන් හැටි
මතකද එදවස

 

banner

Leave a Reply