නාරා | Naara by Dulan ARX [2022]

Sinhala song lyrics with music notes illustration

මං මලෙන් උපන් කුමාරයා වේදනා සින්ද
විස කටු ඇනී හිත දනී දුක මං වින්ද
වාසනාවක් නෙමේ මේක කැප කලා මං නින්ද
දන්නෝ දනී නොදන්නෝ බුරති මට කිම්ද

අදින්න අදින්න කකුලෙන් මම ගෑවා කොල්ලෝ greese
හදවත් රසික එකිනෙක කරනවා seize
හූල්ලන්නේ මොකද හැදිලාද wheez
ගැලපෙන්නැත්නම් මාව අන්න දොර යන්න please

නාරා වලෙන් මං ගොඩ ආවේ පීනා
එන්නෙපා ගිය උන් නම් දාලා
ගත්තා මං නරි ටික නාවා
එපා බුහුමන් මට

හාවා වෙන්නෙපා කොල්ලෝ කැරට් කෑවත්
බොක්ක නම් දේවි පොර කාලා
ටොක්ක මුන් දෙන්නේ අත ගාලා
තේරෙද්දි පෙරහැර gone..!

රැල්ලට විසි වුනේ කවුද bro ? අපි හැදුවේ රැල්ල
මේ පෑන මගේ හෙණ්ඩුව සද්ධන්තයෝත් දැන් මෙල්ල
මං වාචාලයෙක් නෙමේ ඕන තැනදි විතරයි කට
පිටවෙයි වචන පපුව මැදට හෙල්ල

කවදාවත් දුන්නෑ පාවා
කාවත් දීලා නෑ මං බිල්ලට
“සංගීතේ අඬන” ගත්තේ අකුලා අල්ලට
යද්දි මුදුනට බලන් එක එල්ලෙට
ඇදන් යන්න පුලුවන් එකා හලන්නේ නෑ හිතේ නෑ මගේ

තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!
තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!

මගේ වචන වෙද්දි බං රා
සින්දුව නාලාගිරි
වැඩේදි වැඩේ කරා
මගේ නෑ බාලගිරි
මූණු දෙක තුනේ පොරවල් එක්ක උරෙන් උර ගැටි ගැටි තරණය කරන්නේ මං වංකගිරි

එදා හිටි එකාමයි මං තාමත්
නවත්තන්න බෑ පොර බැද්දත් ආයේ හමුදාවක්
මං පණ දුන්නු සින්දු උඹලාට කට පාඩම් වෙද්දි මට මාව මග ඇරුනා බං හැමදාමත්

නාරා වලෙන් මං ගොඩ ආවේ පීනා
එන්නෙපා ගිය උන් නම් දාලා
ගත්තා මං නරි ටික නාවා
එපා බුහුමන් මට

හාවා වෙන්නෙපා කොල්ලෝ කැරට් කෑවත්
බොක්ක නම් දේවි පොර කාලා
ටොක්ක මුන් දෙන්නේ අත ගාලා
තේරෙද්දි පෙරහැර gone..!

විද්දේ පඳුරට නෙමේ හාවට හරිම මිම්ම
මං මාන බලන්නේ දැන් පනින්න දුරම පිම්ම
Haters! Thank you මට දුන්නට ගැම්ම
ඒකයි ආවේ උඩ කඩාන බැම්ම

දේශපාලනේ සංගීතේ උනොත් මම වෙන්නෙ “රනිල්”
මං ඔප දාපු මැණිකක් ලාබෙට දෙන්නෑ “විනිල්”
RIP uncle “සුනිල්”
දෙන්නේ බල්ටි No whistle
මං නැවතුනත් උඩටම රැප් අරගනිල්ලා නෑ

තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!
තණ්හා තණ්හා තණ්හා ///
නෑ..නෑ..!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply