මගේම ලොවක මං | Magema Lowaka Mang by OOSeven

Sinhala song lyrics with music notes illustration

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

නිහඬ බව හොදම පිලිතුර
දැවෙන හිත නැතිකරා මෙහෙ ඝනදුර
සාමකාමීබව නැතිකලා විසෙන් විස නැසීම අවසාන වටය දැන් පේන දුර

මම දන්නැ කවදද සුභ නැකත
ලැබුනා දෙවනි වතාව මට නැවත
හැම හවසම හීන ගැන කතිකාවත
මම යන ගමන පැහැදිලි දැන් මාවත

මැරෙන එක ලේසී මිනිස්සුන්ව තේරුම් ගන්නයි අමාරු
මම සංවේදී වගකිව යුතුයි සමහරු
වටිනාකම නැති තැනක රැදිලා කරපු දේවල් ගැන ගැහුවේ නෑ කයිවාරු

ආදර ගීත ගෙනාවේ නින්ද
බලිකුරුටු ලස්සනයි මම හිතේ ඇන්ද
හීන ගොඩක් ඇති යටි හිතේ සිතුවම් වෙලා ඒවා බලන්න ගන්න ඕනී සුව නින්ද

වෙනදාට වඩා වෙහෙස දවසක් අදනම්
කලු වලාව අරන් එන්නේ වැස්ස තෙමෙන්නේ මං
හුරුපුරුදුයි කැස්ස මටනං
මගේ නිදහසේ මං
බාධා කිරිම තහනම්

සදාකාලික නැ තාවකාලික මේ ලොකේ හදන්නේ මාලිග
අහස උසට යන්නම ගෙවන්නේ ණය වාරික
සරල චරිත සැහැල්ලු කරයි ලොකේ සාදේක
මදාවික නැවක මම නාවික

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

ඇතුලේම ගිනි නොපෙනේවී පිටට
දැවෙන ගිනි නියගය වගේ හිතට කැපුවා ඉනී
දෙන උපදෙස් ගගට සමනයි
කම්මැලිකම වැටෙයි මං මහ මගට

මං පුරුදු වුනා දේවල් කනපිට දකින්න
නිහතමානී චරිත වලට ගරු කරන්න
සමජේ ඇසුර ගැබුර දැක්ක දේවල් මදී
ජීවිත ගමනේ හදිසි තීරණ නොගන්න

දැන් මාව ජීවත් කරවන්නේ සද්දේ විනෝදේ
වෙනම ලොවක සතුට සංගීතේ
හුදකලාවට ප්‍රිය කලා බොහෝ සේ
හිත කැමති නම් දෙකක් Valentina,Rossy

Rap විතරයි ලංකාවේ අන්තිම කැමැත්ත
අපි ආවා ආයේ ඇයි කැමති නැද්ද
අහන්නේ ආසාවේ දන්නෝ දනිති මං ගැන
මං ගත්තේ හැමෝගේම හදවතේ මැද්ද

written by OOSeven

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply