Neela Neth / නීල නෙත් – Roshan Ranawana n Krishan ft. Raj

Sinhala song lyrics with music notes illustration

නීල නෙත් වලින්.. හොරෙන්
ආලවන්තකම්.. කියූ
රන් රුවැත්තියේ.. හිනැහිලා…
කොයි වසන් උනේ…

පාළු අම්බරේ සදා…
ප්‍රේම ගීතිකා ගැයූ…
පෙම් කිරිල්ලියේ…
තටු සලා..
කොයි ඉගිල්ලුනේ…

ඈතින් පෑයූ
උදා රන් තරුව
මෑතින් පීදූ
හැමූ මල් පුසුඹ
ඈමයි හීනේ මගේ පෙම්වතිය
මා නැලවූ…

දෑසේ…කැදැල්ලේ නැවතිලා සොදුරියේ…
ආයේ… සරාවී මගේ හිතේ නිබදේ…

ඈතින් පෑයූ
උදා රන් තරුව
මෑතින් පීදූ
හැමූ මල් පුසුඹ
ඈමයි හීනේ මගේ පෙම්වතිය
මා නැලවූ…

සෝ සුසුම් සිතින්.. මකා…
නීල නිම්නයේ සැරූ… දේවදූතියේ..
තරු නිවා කොයි වසන් වුනේ…
කාටවත් නොකී කතා…
මල් රොනින් ලියා තියා…
මල් කුමාරියේ පෙති විදා
ඇයි වසන් වුනේ…

ඈතින් පෑයූ
උදා රන් තරුව
මෑතින් පීදූ
හැමූ මල් පුසුඹ
ඈමයි හීනේ මගේ පෙම්වතිය
මා නැලවූ…

මල් හී විදිද්දී මල් සරා නිබදේ
කොයිදැයි… සරන්නේ සොදුරියේ තනිවී…

ඈතින් පෑයූ
උදා රන් තරුව
මෑතින් පීදූ
හැමූ මල් පුසුඹ
ඈමයි හීනේ මගේ පෙම්වතිය
මා නැලවූ…

Official Music Video:

https://youtu.be/DVF56fjWim8

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply