Nobala Ma Diha / නොබලා මා දිහා – Raini Charuka

Sinhala song lyrics with music notes illustration

නොබලා – මා දිහා ඔයා..
යනවා – කාගෙදෝ වෙලා..
සඟවා – වේදනා දරා..
හැමදා – ආදරේ කළා..
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා…

සිනාවන් ගෙනා – වසන්තේ දමා
කොහේ යන්නදෝ – පියාඹලා..
ඔයාගෙන් එහා – ලොවක් නෑ මවා
මගේ ජීවිතේ – වගේ ඔයා..

පෙම්කෙරුව ඒ අතීතේ වෙන්වී ගියා..
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා..
දැනෙනා මිලාන වේදනා..
සඟවා හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා
පෙර පෑ සිනාව සේඳුනා..
බලාන ඉන්නවා සිතා…

සිනාවන්ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියාඹලා

සන්තෝස යාමෙ රහසින් බොඳවී ගියා..
දුක්වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා..
මතකේ තියාන කී කතා..
දිවියේ පුරාම ඉන්නවා..
මට දාලා යන්න බෑ ඔයා..
නොපමාව එන්න මා සොයා..
සමාව තියෙනවා සදා..

සිනාවන් ගෙනා – වසන්තේ දමා
කොහේ යන්නදෝ – පියාඹලා..
ඔයාගෙන් එහා – ලොවක් නෑ මවා
මගේ ජීවිතේ – වගේ ඔයා..

නොබලා මා දිහා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply