in Ramidu

නොහිමි | Nohimi by Ramidu [2022]

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිපගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

මගේ හදවත රිදුන තැන්වල
නුඹේ කඳුළක නෙතේ හැංගුන
අපිට අපි හිමි නොවුන තැන්වල
කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

Written by Ramidu Yashmintha

Leave a Reply