තාරකා පිරි ආකහේ
සදක් පායා තිබුනා
නොවටිනා තරුවක්
සදුට පෙම් බැන්දා
වැලපෙනා ස්වරයෙන්
සදුට ගී ගැයුවත්
නොඇසුනා සේ
සදුත් හිනැහෙනවා
සදුට හිරු ඇත එළිය වෙන්නට
ඉතින් කුමටද නොවටිනා තරුවක්
දනිමි ඔබ වෙන එකුගේ කියා
නොදනී තවම ආදරෙයි නේ මා
සතුටින් ඉන්න සැමදා ඔයා
මියැදෙන්නම් මා තනිවී සදා
දෛවයේ ලියවී ඇතී
අපට අප හිමි නෑ කියා
ඒ නිසා වෙන්නැති
මේතරම් වේදනා
තරුව වැලපෙයි සෑමදා
අහස කදුලින් තෙමා
අනුකම්පා නැති මෙවන් හිතකට
පෙම් කලේ ඇයි තනිව මා අද
සදුට හිරු ඇත එළිය වෙන්නට
ඉතින් කුමටද නොවටිනා තරුවක්
දනිමි ඔබ වෙන එකුගේ කියා
නොදනී තවම ආදරෙයි නේ මා
සතුටින් ඉන්න සැමදා ඔයා
මියැදෙන්නම් මා තනිවී සදා
written by Gajindu Fonseka