පාළු සන්තානේ | Paalu Santhane by Sangeeth Iddamalgoda ft. Tehani

Sinhala song lyrics with music notes illustration

මලේ රොන් බී ගියේ
වනේ බඹරුන් කොහේ
සමනල් සිහිනයන් අමිහිරි මතකයන්
මගේ හරසර පෙමේ
රසේ නී රස කලේ
ඔබෙ රළු චේතනා ගෙනදුන් වේදනා

සිතින් ගතින් ඔබෙන් දුරින්
ඉන්නම්
තවත් ඉතිo හැඟුම් නොරිද
ගන්නම්
එදත් අදත් මගෙන් සිහින් වරදක් නෑ වීලා

පාළු සන්තානේ ශෝක ගිම්දෑසේ
කඳුලැල්ලක සිහිලැල් සුවේ
මගෙ ආදරේ තනිවී දැනේ
හීන අමුනන්නෑ හාදු හඳුනන්නෑ
පැරදුනු හදකට යලි කෙසේ
ගෙන එන්නදෝ ඔබෙ ආදරේ

විලේ මල් පරවුනේ
ඉරේ ගින්නෙන් නොවේ
නුඹ ගැන මතකයන්
හදවිල කලතමින්

සැලේ හදබිත සැලේ
මැකේ සිතුවම හිතේ
තනිවුනු දින ගනන්
කඳුලැලි පුරවමින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply