පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා
කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලා
දුරක යාවි ළඟ හිඳිවි මතක තනි වෙලා
රණ්ඪු වලත් අප දුටුවේ ආදරය තමා
එනතුරු මඟ බලා ඉන්නේ හීන මව මවා
පුංචි හිනාවම මගේ මුළු ජීවිතය උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා
හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා
ඉඩෝරයට අහස හරිම ආදරේ කළා
පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා