පත්තායම වී | Paththayama Wee by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රාසීන් දෙයියන්ගේ රටට
ඉර ආවත් පරිස්සමට සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ අපේ ජීවිතේ

ඉර ගලලා අඳුර වැටෙයි තනිකම සීතලට නතුයි
නොඉන් හාමතේ නොඉන් හාමතේ
සුසුම් අතුල වැට මායිම එපිට ඉඳන් ගෙට පායාන
සඳයි ජීවිතේ සඳයි ජීවිතේ

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

4 thoughts on “පත්තායම වී | Paththayama Wee by Damith Asanka”

Leave a Reply