රජ පෙළපතක | Raja Pelapathaka by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
මේ රජ සැප සියල්ලට වඩා
මම ඔබේ සිතට ආදරේ කළා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා
කුල ගොත හදන කඳුලැල් නිවා
මගේ අගරැජිණ කරගමී ඔයා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply