පාට පොදක් | Pata Podak by H. R. Jothipala

පාට පොදක් තිලකලා නලල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වරලියේ
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා
නිමා නොහැක ආල කුමරුනේ
පාට පොදක් තිලකලා නලල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
හොහෝ හෝ. හහා හා.
හොහෝ හෝ. හහා හා.

පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ පෙම් සුවඳේ
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ආල වඩන ගීත සුරල් පාවේවී.
හොහෝ හෝ. හහා හා.
හොහෝ හෝ. හහා හා.

ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ
පුංචි වියේ අන්දරසේ
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා
සීතාවන් රුවන් ළඳුන් මා ලා මා
හොහෝ හෝ. හහා හා.
හොහෝ හෝ. හහා හා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *