පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න
වන මලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න