පෙර සංසාරේ | Pera Sansare by Chamara Weerasinghe

පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ
තනිකම මා සිත දවන වෙලේ

සිතුවිල්ලක්වී සැරිසරනු එපා
හදවත ගැස්සෙයි උදේ හවා
සෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපා
නෙත නිදි නොලබයි රැයම පුරා
නෙත නිදි නොලබයි රැයම පුරා

පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ
තනිකම මා සිත දවන වෙලේ

දේදුන්නක් සේ නෙත නෙත පිනවනවා
වැහිබර අහසට මුවා වෙලා
පවනැල්ලක්වී ඔබ දැවටෙනවා
සිත්මල් පෙති මත පිණි ඉසලා
සිත්මල් පෙති මත පිණි ඉසලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *