පිනි මල් සීතෙට | Pini Mal Seetheta by Chamara Weerasinghe

පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි

යහමින් සැරසී නුඹ දුර ඈතින් එනවා දකිද්දී
ඉඟ සොග නලවා කෝමල තාලෙන් ගමන් කරද්දී
කෙකටිය මල් ඉගි කරන්නා දිය රැළි වැවු මත රගන්නා
මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා
පුසුඹ දැනීලා
පපුව ගැහෙන්නා

පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි

රෑ තුන් යාමේ සඳ වාගේ සුදු මුහුණ මැවෙද්දී
මල් රැලි ගවුමේ සිහින පුරා මට මැවී පෙනෙද්දී
මදටිය රතු තොල් සැලෙන්නා ලපටිම නිල්ඇස් පෙනෙන්නා
මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා
පුසුඹ දැනීලා..
පපුව ගැහෙන්නා …..

පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *