in Roshan Fernando

පිණි වැටුනට | Pini Watunata by Roshan Fernando

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

සිරගත සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන් වල මතකය යන් නෑ
සිරගත සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන් වල මතකය යන් නෑ
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ
අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

banner

Leave a Reply