රචනය | Rachanaya by Dinesh Gamage [2019]

Sinhala song lyrics with music notes illustration

නහර වෙලෙන මේ අව්ව දව්ව
කරගෙන යන්න පවුල කවුද කැඩුවෙ
කවුද හැදුවේ රවුම වට රවුම
හවුලේ කද්දී කැවුම
මුං කැවුම

හා හා පහු වෙද්දී මට විනිමත්
කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑ
තව දුරද කොළඹ පෙනි පෙනිම හා
යන්නෙ මං තදකරන් හිත තද හා

මගේ රචනය මම මයි ලිව්වෙ
මගේ රචනය මම මයි හැදුවේ
මගේ රචනය මම මයි බැලුවේ
තරුවක් නෑ බීජය දුන්නෙ
තරු පෙනෙන්න සමාජ දුන්නෙ
කන පිරෙන්න මොනවද ඇහුනේ

නුවරඑළියෙන් ආවා
වංගු දිග වැඩි හින්දා
කොළඹ පැතලිද මන්දා
නුවරඑළියෙන් ආවා
වංගු දිග වැඩි හින්දා
කොළඹ පැතලිද මන්දා

ගියා ටවුන් හෝල්
සෙනග අතරේ පීරල හෙව්ව
කොන්ඩෙ දිග ඇය කෝ
රැය කෝ
රිය කෝ
නෑයෝ කෝ
නෑයෝ කෝ
කලාව මගේ
වෙලාව මගේ
කතාව ලියද්දී හිනාව මගේ
පනාව වගේ
මනාව පැහැදිලි කරගත්තේ
වටිනාකම මගේ

හා හා සල්ලී සල්ලී
මෙහෙ පිස්සු නටයි දැන් මල්ලී මල්ලී
ලේන් එකෙ යන්නෙ දැන්
ලේන් එකෙ දැන්
ලේන් එකෙ දැන්
ලේන් එකෙ දැන්

මගේ රචනය මම මයි ලිව්වෙ
මගේ රචනය මම මයි හැදුවේ
මගේ රචනය මම මයි බැලුවේ
තරුවක් නෑ බීජය දුන්නෙ
තරු පෙනෙන්න සමාජ දුන්නෙ
කන පිරෙන්න මොනවද ඇහුනේ

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply