රැඩිකල් | Radical by Lil Neo ft. OOSeven & Zany [2021]

Sinhala song lyrics with music notes illustration

දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලා
ගල් ගහලා අනෙකගේ
කකුලෙන් ඇදලා
වෙනසක් කෙරුවත් උන්
ඇස් වල කටු ඇනෙනවා
බාධා පිට දාලා තිබුනත්
පැරදෙයි උඹලා

අහසේ මාලිගා හදන්නේ මිදෙන්නේ
මං හීනෙන් ඇස් අරින්නේ
කව්ද මාව දන්නේ
මේ ලෝකේ වෙනස වෙනම
කෝණෙන් මං දකින්නේ
කැමති දේ කරන්නේ
හිතන දේක වෙන්නේ
ආස නෑ කරන්න සංගීතේ කෙඳිරි ගාන
මං ආස දේ කරන්නේ
සිංහල වචන අපි මවාන
කන් පිං කරන්න ඕනි දැන්
ඇහෙනමානේ ඉන්න
දුවන්නේ ඇඟ පුරාම ලේ
රත්වෙලාම හිස දවාන මේ

විකාර සිංදු ඇහුවේ මං
මගෙම ලොවක ඉද්දි
බිත්ති අතර මැවෙන
සිද්ධි ලිව්වේ මං කිව්වේ
අපි කරපු වෙනස දැනුනද
හිත පතුලට යන්න දැන්
මඟ සලකුනු අපි තියලා ඇතිය
මාවතේ මග දැන්
පිලිවලකට අසුන් ගන්න
වස විදින්න නිහඬතාවය
තිත තිබ්බා ඇවිල ගින්න
විස්මිතයි දැන් පිලිගෙන අවසර වෙන්න
කොළඹ සිපගෙන සැතපෙන්න
අවසන් මොහොතෙදි නුඹ
රැගෙන සතුටු වෙන්න

කන පිරෙනා රැප ගෙනෙනා
වැදි බණ කිව්වත් බෝ දෙනා
මට ගහනා ගල් අහුලා
යනෙනා පාරේ අතුරලා
රැප් හීන මවා රජ කරනා
දවසක් හෙට එනතුරා
රැඩිකල් කියලා කොටු කරලා
තිබුණට නවතින්න එපා

මිනිස්සු දකින කෝනේ අනුවයි
හිතන්නේ අපිට පිස්සු
බලපන් එකම තැනක හිරවෙලා
ගරහන මාර මිනිස්සු
කොල්ලෙක් පාට කරද්දී කොන්ඩේ
කරන්න පණ නෑ උබලගේ කොන්දේ
දැකලා ඉරිසියාවට ගහන්නේ
රස්තියාදු පාර ලේබලේ
කෙනෙකු ආස දේ කලේ
තව මිනිහෙකු නෑ කලේ
අපි මවනවා යාලුවෙක්
උඹ තනියම කාමරේ
සුදුරෙදි ඇඳගෙන කරනවා
වැරදි වහන්නේ ආගමේ
හැම මිනිහාම නිවැරදි
වෙනවද දහම් පාසලෙන්

නෑ දකින දේ හිතන දේ
නැහැනේ බන් හරිම දේ
තියෙන්නේ බන් හදවතේ මනුස්සකම්
මිනිස්සු හොයන සතුට කෝ
තියෙන්නේ ජීවන රටාවේ බ්‍රෝ
උඹලා හිරවෙලා රාමුවකට
ඇයි අපිට ඇද කලේ
කොල්ලෙක් දැම්මොතින් කරාබුවක්
උඹට ඇයි අමාරුවක්
ඕනේ නෑ විවාද නම්
කරපන් උඹලත් ආසනම්
අද මං ගෙවන ජීවිතෙන් මිදෙන්න
හිතලා නෑ මම තාමනම්
හිනාවෙලා ඉද්දි හැමදාම
උඹ ඇසුරු කරන්නේ මාව නම්

දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලා
ගල් ගහලා අනෙකගේ
කකුලෙන් ඇදලා
වෙනසක් කෙරුවත් උන්
ඇස් වල කටු ඇනෙනවා
බාධා පිට දාලා තිබුනත්
පැරදෙයි උඹලා

කන පිරෙනා රැප ගෙනෙනා
වැදි බණ කිව්වත් බෝ දෙනා
මට ගහනා ගල් අහුලා
යනෙනා පාරේ අතුරලා
රැප් හීන මවා රජ කරනා
දවසක් හෙට එනතුරා
රැඩිකල් කියලා කොටු කරලා
තිබුණට නවතින්න එපා

කන පිරෙනා රැප ගෙනෙනා
වැදි බණ කිව්වත් බෝ දෙනා
මට ගහනා ගල් අහුලා
යනෙනා පාරේ අතුරලා
රැප් හීන මවා රජ කරනා
දවසක් හෙට එනතුරා
රැඩිකල් කියලා කොටු කරලා
තිබුණට නවතින්න එපා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply