රැප් අප්පා | Rap Appa by Shan Putha [2025]

Sinhala song lyrics with music notes illustration

සංකීර්ණ දේවල් නෑ මනුෂ්‍ය මුහුනූ තරම්
නගයෝ හීල වෙන්නෑ නලාවට පුහුණූ කරත්
ලියාගන්න සිහිනෑ වචන එන තරමක්
Bars කලු සුදු පුතා වරෙන් ගහමු කැරමක්

පච්ච පිච්ච නෑ / සෙම් සෙවල නෑ / කාල් අරික්කාල් නෑ
නියම රත්තල්….!

Ya Ya
යකා ඉන්නෙ ඇතුලෙ අරක්ගෙනයි කනත්තේම කරක්ගා(කරක්ගහලා)
රැප ඉන්දු නිම්න මං මොහෙන්ජෝදාරෝ හරප්පා
ඇතුල්වීම තහන්ම් ️

ආවෙ වැට කඩාගෙනයි
උඹලා කටින් සටන් ගැනයි
Shana වැඩ පටන් ගෙනයි

Rap අහන්නෙ පන්නාගෙනයි
විරහා ගී මනාප නෑ
වැඩනෑ දෙකයි පනහේ
බොරු පඩනම් වැඩක්ම නෑ

මේ සෙල්ලම අවුරුදු 4ක් කරා මං ආම්බාන්
ඕන එකෙක්ගෙන් අහලා බලහං බං
ගන්නවා ඩෝ කලාම්බාන්
උඹලට පුළුවන් දෙයක් කරහං බං

Okay ඕනම ලබ්බක් බං
සිහිවෙනවා උඹලඟෙ අම්මා අප්පා
ගහලා දානවා
එපා වෙනවා “රැප් අප්පා”

ඔව්… පිට වානෙන් වාන් දාන්
Fans – තව සිංදු දාං දාං
Shana – තා පොඩ්ඩක් වෙලා ඉඳහාං

ඇදලා ගන්නවා මේ පැත්තට උ
ඹලා දැම්මා කාන්දම්(Magnet)
තිබ්බට මුරුංගා අත්තෙ
වෙන්නෑ වෙන්නෑ ඩෝ මං ආඳා

හත්පොලෙ ගාගන්නෑ මං
නොදන්න මත්ද්‍රව්‍ය වද්දං
ගොක්කොළ පෙන්නුවත්
නෑ ‘ලේ අත්වල ගාගන්න පුරුද්දක්’

Set නම් 5k දාහං

මම ලෙඩ්ඩුන්ට කරනවා සාත්තුව
වැඩ්ඩොන්ගෙ හෙනහුරා
මම සෙල්ලමට පාත්වූව

පෘතක්ජනයෙක් මිස එකෙක්
නොවේය මං රහත් වූව
ඔව් මොන කෙරුමා උනත්
සෙට් නැත්තම් මල්ලි ගනං ගන්නෑ මාත් ඌව..

මගෙ වාචාලයි කට මම ‘කාල’ නෙමෙයි ‘පුස්ත’
දැක්ම උත්කෘෂ්ඨ
දාර්ශනික පොරවල් බලුවීය
නොදත් හෙයින් එවුන් ලෝ ධහම අෂ්ඨ

මචං දැනමුතුකම් දෙන්නම්
මම නොතියා ගුරුමුෂ්ඨ

මම හිනා උනොත් හිනා වෙනවා පෙන්නා 32ම
තාම වැඩ දැම්මෙ නෑ හරියට පල්ලා මගේ ඇස් දෙකම
මම ‘lester james peries’ රැප යනු “බැද්දෙගම”
Rap අහන කොල්ලො උස්සපල්ලා අත් දෙකම

One man show brow උඹලා all out
මම no answer bro එකලඟ call ආවොත්
Representing SriLanka 🇱🇰
Born Town Downsouth

අපි ගැහුවොතින් ගැහුවමයි show එක Sold out
Run Run

දුවන්නම් කඩුලු අතරින් පතරින්
උඹලට වගේ අපිට case නෑඩෝ ගෙදරින්
බදාලා ගන්නෝ ආදරෙන්
යන්න වෙන්නෑ බැස්සොත් මාතරින්

උඹලා වගෙ ඇතුලෙම හිටපු එවුන් නෙමෙයි කාමරේ

සෙල්ලමේ අපි නාකොටික්
උඹලට මේවා Marketing
බෙන්තර පාලම පැන්නාම Party
කියන තරම් නෑ කපටී

බෙල්ල ගියත් නෑ පාවාදී
කෑගහනෝ Shano තව මදී..

මෙහේ විතරයි “කාවාඩී”

නෑ නෝන්ඩී මම බොන්න planeT
මම gen Z නෙමෙයි Jay Z
Made in Sri lanka Born 93
ඉස්සර තැපැල් 90 දැන් පදිනවා 520D
LetsGo…///

Written by Shan Putha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply