Rap කන්ද | Rap Kanda by Master D [2019]

Sinhala song lyrics with music notes illustration

ඔන්න මම වින්දා රැප මේ උඹට දෙන්න මං ඇතුලේ හපා
නුඹේ නින්ද දෙකඩ කල මගේ රැප ඇතුලේ යකා
නුඹේ නින්ද බැලුවේ ගැලවෙන මෙන්න බෙරය පලා
ගිරිතුන්ඩ පැනිමි ගෙරි අසු මගේ රැපට නටා
බෝයි
රැපට ඩෝං

මෙන්න මං රැප් කඳ බෑවා
රට කලා මැති ගොපලු
පණ පිටින් මිනී කඳන්ම බෑවා
අතපසු උනේ යාලුවෝ නෙවේ උන් ආවා
සෙබල පාවා දුන්නා සතුරා වාව දුන්නා

අතපසු උනේ යාලුවෝ නෙවේ උන් ආවා
නුඹට බෝං යන කලී අලපෙතී
මම කමී රැපට පූං අරින කොල්ලෝ
මරාගෙන රෝං කරකමි
සැපත කෝං කියලා ඕං ඇරියා වාන් දොරටු මා
චිකිරි බූම් කියලා ගාං වතුරෙන්
ඕං ගොඩ වරෙන්

උඹලා දැන හෝ නොදැන මගේ රැප
දැනං උඩ පිලිසඳරක මිරිකලා ගන්නම්,
උඹේ රැප දන්නැති කනෙන්
කඳුලක් ගන්නැති පොල් අතු පැලෙන්
සැපත ගන්නැති රජ මැදුරෙන්
පතුලක් දන්නැති රජුගේ මොලෙන්

උඹලා පිරුණු කල හෙලවෙන්නේ නැති
හිස් වතුර කලෙන් විකිනි මල දැන්
රකින ඇයෙන්
උඩ බලන් හිදී ලිහිනි ගලෙන්
සබඳ බදාගත්තා උඹ ගෙල ගෙවෙනකන්

මැතිගේ බලෙන්,
දෙවියෝ බැහැලා තලෙන් යකාගේ බෙරේට
නැටුවා බලෙන්
ඇසිපිය ගමන් වචන් හැලෙයි,
බෝයී…

අත කසන්න බැරි තරම්
පොරොන්දු දුන්නා විනයකම්
ගත කරන්න තව රටක් නෑ
මට රටක් නෑ වරිපනම්
සෙනග අස්සේ නුඹලා පස්ස නොකඩා
රම්පේ පොඩිකරන්

ඇට හදන්න හෙට වඩින්න
ගැට කපන්න වට කරන්
අතන ගෝරී බෙදන රණවිරුවාගේ රෝද පුටුව

මෙතන පෝරී හලන බල පුලුවම වීමා කුටුව
මොකද මෝඩ ජනයා බීලා රක්කු වීහා පුටුව…//

ආ……..
දෙන්නම් මං රැප හදා, ඉන්නට නටා නටා
සෙනග මට ගසා, පස්සට මට බැනා
මෙරට මටනේ කලමනා, දේවත්තු මදිද රට කලා
මේවට ගතික කවි කියා
මේ රටේ කාටද බීරා කියා
සුද්දගේ බෙල්ලෙන් අල්ලන්න

ගේම දාලා ඇදපන් අම්බරෝ
කොඩිය මොට්ට කඩුව සිංහයා
කමලේ ඇතුලේ වද්දනෝ
තරුණ කොල්ලෝ කෙල්ලෝ
උඩට දාලා වමට පද්දනෝ

රැප අරන් ඇවිත් මං
පුතු සෙනේ වගේ ඔලුවේ වද්දනෝ……..
රැප අරන් ඇවිත් මං
පුතු සෙනේ වගේ ඔලුවේ වද්දනෝ……..

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply