රෝස පෙති අතුරාලා | Rosa Pethi Athurala by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

රෝස පෙති අතුරාලා..
යහන මත සතපාලා..
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
රෝස පෙති අතුරාලා..

තරු පේලි පීදීලා..
සඳ යහන පීරාලා..
නුබෙ දෑස වීදාලා..
අපෙ කෝඩු හීනෙ සරසාලා..
තරු පේලි පීදීලා..
සඳ යහන පීරාලා..
නුබෙ දෑස වීදාලා..
අපෙ කෝඩු හීනෙ සරසාලා..
ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා..

රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා..
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා

පැතු හීන වෑහීලා..
අද යාය නෑවීලා..
පන වාගෙ පෑහීලා..
මතු ආයෙ මාගෙ සඳ වේවා..
පැතු හීන වෑහීලා..
අද යාය නෑවීලා..
පන වාගෙ පෑහීලා..
මතු ආයෙ මාගෙ සඳ වේවා..
ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා..

රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා..
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
රෝස පෙති අතුරාලා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply