රෝස තොල් | Rosa Thol by Saranga Disasekara [2022]

Sinhala song lyrics with music notes illustration

දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්

හුස්මේ රැස් ගලනා පුසුබින්
ඈත පාවේ මා
මා ගාවින්ම ඉන්නවා නම්
ආදරෙයි කියා
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

ලංවී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ලංවී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ඔය දෑසේ හසරැල් ගේනා
මට ඔබගේම තුරුලේ
නවතින්න ඕනා

නොවෙනස් වේ පෙම් රස්නේ
හැමතිස්සේ වෙලී
සිත් සේ දිලේවි මතකේ
ඔය හද මත නැවතී
රෝස තොල් මුමුනද්දී
නෑ ඉවසුම්

දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්
රෝස තොල් මුමුනද්දී නෑ ඉවසුම්
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

written by Duminda Alahendra

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply