සමාවෙලා | Samawela by Chamara Weerasinghe

සමාවෙලා… හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න… වඳින්න දෙන්න…
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා… හදාගන්න මට මගේ හිත

ඔබේ සිතට පිටු පාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි උනා කසාවත මට

සමාවෙලා… හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න… වඳින්න දෙන්න…
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා… හදාගන්න මට මගේ හිත

කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

සමාවෙලා… හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න… වඳින්න දෙන්න…
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා… හදාගන්න මට මගේ හිත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *