සඳසේ දවසක | Sandase Dawasaka by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

වළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදා

සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

සලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලා හිඳිනු මිස කුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී

සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply