Sanasum Susuman / සැනසුම් සුසුමන් – T.M.Jayarathne

Sinhala song lyrics with music notes illustration

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා…
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..

රෑ සඳ පානේ – සීතල පවනේ..
නාමල් අරණේ – ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි…
ගෙවූ අතීතය මතකද මිහිරි…

සැනසුම් සුසුමන්…

දෑසට පෙනෙනා – එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි…
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා..
ඈ එනතුරු මා තනිවීලා..

සැනසුම් සුසුමන්…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply