in SANUKA, Windy Goonathilaka

සැප නින්දේ | Sapa Ninde by Windy Goonatillake

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
බමුණන් ගෙන්වා රජතුම
විමසූ දුටු සිහිනෙහි ගුණ

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල
පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල

පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත්
මායා කුස

පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..

banner

Leave a Reply