සීමාවන් | Seemawan by Darkey SG [2021]

Sinhala song lyrics with music notes illustration

ජීවිතේ ම වින්දා හැම ද යකඩ හීන පස්සේ දිව්වා
මටම කිව්වා ජීවිතේම දුක් ගැනවිල්ලක්ම ලිව්වා
ගෙවිලා ගියා කාලේ උනා උකස් මාලේ
හැබෑ නොවන හීන පස්සේ දුවලා ම හති
මම අයාලේ
අදුරු මතක නැගෙදි
පේනවා මට අසුබ හීන
එළිය වෙද්දී සතුරා හිටියා සතුටෙ පීන පීන
හිනාව පාරා
දැවටී දැවටී මාරයා ළඟ
විනා වයව ගයව කියව
මාරයා මම ළඟ ඉඳගෙන

තනිව ගමනේ යන මේ මගේ අවසානයේ
පිටිපස්සෙන් ආවද මා නොදැනුවත් ව කරුමේ අරුමෙ
ජීවිතේ ගෙව්වේ අයාලයේ ම දිව්වේ
මට මම විතරයි ම කියලා අවසානයේ දැනම ගත්තෙ

අඳුරගද්දි මිනිස්සු වෙනස් ඒකයි යාලු අරුමය
හැම දේම පවතින්නේ කරන දේට අනුවය
උපරිමේට කලින් ඉඳපන් අවමය
කවදාවත් සැලෙන්නෙපා ගැලවුනත් අතපය

ජීවත් උනාම හරි මිනිස්සු ලෝකේ ගැන දැනගෙන
මම ඉන්නේ මගේ සීමාවන් මැනගෙන
අසීමිත ආශාවන් නැ පොදි බැඳගෙන
පැනපන් පනිද්දි වල යට ගැඹූරත් දැනගෙන
තිත්ත යි කිව්වා මිදී මම නොදන්න ගති නරි
කියවීලි කටින් බතල උඹ විතරයි හරි
මනස බර වැඩි නිසා දාගත්තෙ නැ වලි
හම්බ කරන් කන්න කියලා ගැහුවේ නැනේ යට මඩි

බෑම බොර දියේ මාළු
ඵලක් නැතේ යාලු
හිතේ පාලු අරිනවාලු
රැප අහද්දී මාගෙ හිත සැනසිලාලු
වින්ද දුක නිසා වැටෙන්නේ නෑ මගෙ කඳුලු

තණ්හා රතී රඟා කියලා තුනක් මැව්ව ලෝකය
නිසාවෙලා ශෝකය, ඇති නිසා ක්‍රෝධය
මගෙ හිතේ නෑ කවදාවත් වෛරය
ලියවෙයි දවසක දෛවයෙ සරදම

පණ දෙන්න ළඟ ඉද්දි
නැති තැන බැන වැදී
එකට ඉඳන් ගින්දර
දිය යටින් ගෙනියන

රියල් මිතුරු පාප තරයො
අදුර ගත්තා කවුද හතුරු
කකුලෙන් බිමට ඇදල දාලා
එකට ඉඳලා ගැහුවා පතුරු

විසිතුරු හැමදේම පසුවට විසකුරු
බියකරු සිතුවිලි නිසා උඩු යටිකුරු
උදේම පිපුණට හවසට පරඋණු මල වගේ
ජීවිතේ හුස්ම තියෙන තුරු

අන්ධකාර සමාජමය නිසා වෙලා පරාජය
සිතුවිලි අතරම තනි විසි හතර පැය
හිස් මිනිසා සමානයි හිස නැති කවන්දය
කරගන්න සංවර මේ සිත මනො කය

පවට පිනැති ලෙයට පනැති
ගොඩක් උන්ගෙ මොලේ හිසැති
විසැති ජීවිතෙ නැසෙති පවක පැටලි
කැඩිලා කෑබලි

ජීවිත ගමනේ නැවැතී අතර මඟ දි
හිතලා පතලා ගොතලා ලියලා කියලා
කතාව නිම කරමි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply