සිංගල් දරුවෝ | Single Daruwo by Anjali Rajkumar ft. Funky Dirt

Sinhala song lyrics with music notes illustration

ආයෙත් එපාමයි අපායයි ප්‍රේමෙන් ලැබුණේ
Life එක චොකා වෙයි
ආදරෙන් ආතල් කුඩුවෙයි
ඒ රැවටුණ කාලෙ ගියා
සංසාරෙම කිරි ටොයියා
කෝ බන් දැන් ඒ අයියා
පරාල ඇණයක්

හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ
කොහෙද ඉන්නේ ඇයි online
Message එකට කෝ reply
කොහෙද යන්නේ කාත් එක්ක
ආලය ප්‍රශ්න පත්තරයි

අංජලී ඔයා හරි මුල් ටික ආදරේ හෙන ජොලි
පස්සෙ ගිනි අවි සහ ගිනි කෙලි
වේලුණු ආදරේ බොම්බිලි
පේලි පේලි සිතුවිලි
කවිකර ලිව්වා මා ඇයට ගී
මතක් වෙනකොට ඒ යක්ෂණී
මට මං ගැනම හිතෙන්නේ චී චී
හිතන් ඉන්නේ මං cheating – යකෝ I was at a meeting
යාලුවොත් එක්ක drinking – Phone එක මගේ ට්‍රිං ට්‍රිං
මහ රෑට මොන fighting – මොංගල්ද darling
ට්‍රිපක් යන්න බෑ – සැපක් ගන්න බෑ
කෙල්ලෙක් එක්ක බෑ හිනාවෙන්න බෑ
යන තැන තැන location ඉල්ලන
Attention හිඟන වධක අඟන
සකබරයත් නුඹ පරදන
මුර පදයත් මගෙ හොයාගෙන
සයිබරෙ මගෙ හොර අල්ලන
Like එකටත් මට ඔරවන
කරුම අපල ගෙවිලා
ගැලවිලා ආවෙ ඇගෙන් මිදිලා
Yeah… ජීවිතෙ හැමෝගෙම
වැරදුණු තැනක සැරටම
ලැබුණද හොඳම පාඩම
අපි හමු නොවෙවා ආයෙම
හමු නොවෙවා ආයෙම
හමු නොවෙවා ආයෙම

ඉස්සර එයාමයි මෙහෙම්මයි ආසයි කිව්වේ
පස්සට එයාමයි එපා වෙන්න නීතිත් දැම්මේ
Whatsapp last seen බලා එයා මට ලොකු seen දමා
IG tik tok viber හැම තැන ලැග්ගා

හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝ
ඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝ
කොහෙද ඉන්නේ ඇයි online
Message එකට කෝ reply
කොහෙද යන්නේ කාත් එක්ක
ආලය ප්‍රශ්න පත්තරයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply