තන්ත්‍ර | Thanthra by Ramesses Reezy ft. Smokio [2024]

Sinhala song lyrics with music notes illustration

තේරුම් ගනින් මොකද්ද වැරැද්ද
ඇස්වහන් ඉන්නේ පෙනී ඇත්ත 
බොරු පිළිගන්න එකද පැවැත්ම
මුලා වෙනබව දැනිලම නැද්ද
ටික දෙනයි තමයි විදින්නේ වැස්ස
සුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්ත
මම හඳුනමි මගේ හදගැස්ම
නවතින්න නෙවේ මම පව් කෙරෙහි දැම්මා

හරි හරි
යදන් කඩන් යදී 
හරි හරි
අධීමානෙන් වඩී 
හරි හරි
ආසා බලන් සකි
අපි නාවන් නෑ ඩෝ නරි
අපේ වදන් බර අවි

හරි හරි…///

අපේ වදන් බර අවි
අපි නාවන් නෑ ඩෝ නරි

බලාගෙන මසි
ලෙසිවෙන්නෑ අපි
වේලාව දැන් හරි මගේ පාරින් යමි
ගලායන නදී 
පේනවද සකි
පරණ කෙනා මරලා ඉපදුනා මං යළි
කුණාටුව නිහඬයි, වදන් විරලයි
වැටී වැටී නැගිටින්න බෑ, මටම විතරයි
අඩිය තියන්නේ උඩට හොදට හිතලෙයි
අල්ලන්නේ නිල මම කා හරි මෙතනට තියලයි 
යන්ත්‍ර, මන්ත්‍ර නෙවෙයි මේවා තන්ත්‍ර
බොරු කෑ** ගැලවෙයිද මස්ස
වයසට වැඩිය දේවල් දැක්ක 
මේකයි චිත්‍ර වචනෙන් මං ඇන්ද 
තිබ්බේ නෑ බං කටේ රිදී හැන්ද 
ඒක තමයි මුල අපි රැක්ක
ඇස්වලින් නෙවේ පෙනේ ඇතත්
අහගනි මගේ හද ගැස්ම 
මැවුවා හීන පාට පාට ජාතී
එකල දැම්මේ රස්තියාදු පාටී 
රූස්ස ගස් නැවෙන්නේ දැන් හමා වී
අපිව කරගන්නේ, උබ ගැන නසරානී
පරණ පුරුදු මම වලදාවී
වැටෙන්නෑ යාළු අපි මුදුනට යාවී
කිසිම දේකට මම නෑ සීමාවී
මගේ උන් හඩින් මේ පද කියාවී

හරි හරි…

අපේ වදන් බර අවි
අපි නාවන් නෑ ඩෝ නරි

අහන් නෑ මම හරිද
මම හරිනම් මට හරි
වැරදි පෙන්නන්න පුළුවන් හරි කියන කාට හරි
මනින්න කලින් කණ්ණාඩියෙන් බැලුවනන් වඩා හරි
වැරදි තීරණයක් මගෙන් වෙන්නෑ, මගේ හිත මගහරී
ගුණ නෑර නොගුන වෙන්නේ අම්මා තාත්තා ගාවින් 
මල්ලි මයි ඇස් ඇරියේ සිරස් තියන් සරසවි 
විනාස කාරී ඇති රසේ වනසාවී
උන් නිසා බැස්සෙ මේ අසම සම බරඅවි

උන් කිව්වේ අත අරින් දරාගන්න බැරි වූ විට
දුකයි දකිද්දී මං නෑ උදම් වූ වැනි මූසිල
උන්ට පුදන උනුත් ඉන්නවා මැටි බුදින
පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න

උබලා කද්දි මූල අපි සුද්දකළා
වලෙන් එන්න ගොඩ අපි යුද්ධකළා
කලාව ගුනාත්මකව ප්‍රගු(න්)ණකලා
මේ වගේ වදන් හසුරන්න බැ දැං සුද්දටවත්
තන්ත්‍ර ලියන්නම් ඉතිහාස ගන්ත්‍ර
රන් අකුරින්ම රැක්කෙ වෙහෙස මකන්න 
කෙන්ද උබ ඉන්නේ පාත් වෙනකම් ද
කන්ද උබට දරන්න පුලුවන්ද

අන්ද මන්ද වෙන කාරණාව මන්ද
මා දන්න දන්න මං ගංගාවක් පදන්ම 
තමන් ව දන්දුන්න වෘතාන්තයක් හදන්න
මන්දාකිනි කලංබන්නම් මං බවත්‍රා

මරන්නමද තවත් පද බන්දන්නෑ 
අවශ්‍යමත් අවසන් නෑ මං නම රන්දන් නෑ
වස් කළා සිදුරු පියවි ඇස් හිදන් ගස්සා
සවන් වැකි පරණ දිවැසින් බලයි ලංකාව 

හරි හරි…

අපේ වදන් බර අවි
අපි නාවන් නෑ ඩෝ නරි

written by Ramesses Reezy & Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply