Thawa Dwasak / තව දවසක් – Drill Team ft. Yuki

Sinhala song lyrics with music notes illustration

ඔයා හමුවෙද්දී

මගෙ හදවතේ කෙල්ලේ හිඩසක්

අරමුණ වුනේ

හදන්නට නිවසක්

තනිවුනා තනිකම

වුනා වෙනසක්

තිරස් වුනා දුරස්කම

කෙලින් වුනා සිරසත්
මල් හීසර

ඔබේ ගී හඩ

නොදැනිම ඔබගෙම වී මේ හද…

ආදර ඔබේ කතාව…

බලන් ඉන්න ආසයි කෙල්ලේ ඔය විලාසිතාව
යමු යට කුඩයක අපි උදයක

තෙමෙමුද වැස්සේ කෙල්ලේ දිනයක…

මන්දාරමේ

ඔයා.. දුටු දින ඉදන් තනිකම අවදානමේ

ආසයි ඔබ බලා සිතුවම් අදින්නට

පින්සලක් වී තොල්මත ඇවිදින්නට

ඔය…හද පිරික්සන ඇල්මෙක දිස්නේ මා…

හිත කොනිත්තන බැල්මනම් ඉස්තරම්…
මේ ගමනෙදි ඇයි කෙල්ලේ බාධක

එක්වෙලා හොයමුද සාධක

හීන මැව්වා ඇති වවමු දන් යායක

ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක…
ඕනේ නෑ මට වෙන්න වගේ සාලිය

රැකගන්නම් මෙක… රාජකාරිය

රාජකාරිය… රාජකුමාරිය…

වෙනවද කෙල්ලෙ බෝනගෙ මනමාලිය
මේ ඉන්න කාන්තාරේ…

ඔබ ලිව්ව සන්සාරේ…

සැනසෙන්න මා හා…

එන්න මා හා

ලංවෙලා සදේ…

තව දවසක් ඔබ හා…

සිපගන්නම් වෙලිලා…

තුරුලේ…සුවසේහේ…
කලා දගකම් හිතුමතේ…

මොහොතක් ගානේ හද ඔබ ලිව්ව දේ

ඔයා කිව්ව මම ඔයාගෙ උරුම දේ

වුන හොදම දේ

ඔයාව දිනුව දේ
කෙල්ලෙ…එක්වී අපි හදමුද අහසක්

එක්වී සිහින මවමු දහසක්…

මකා දමමුද අර තරු රෑන

අතිනත් අල්ලන් බලමුද ඈත…
තප්පරේකට නෑ හුදකලා…

හිත අස්සේ ඉදලා ඔයා මුරකලා…

ලොව ලස්සනම දෑස බිගි කලා…

පිනි වැස්ස වහින බිහිසුණු කලා…
නොනිද වාර

අපි නොහිත වාර

දුටු මුල්දින සංවාද කෙරුවේ පාට

දගකාර දෑස කලා ඔයා සමාදන්

පැහැදිලියි අනාගතේ යමුද පාදන්
මේ ඉන්න කාන්තාරේ…

ඔබ ලිව්ව සන්සාරේ…

සැනසෙන්න මා හා

එන්න මා හා

ලංවෙලා සදේ…

තව දවසක් ඔබ හා…

සිපගන්නම් වෙලිලා…

තුරුලේ……සුවසේහේ……
මේ ඉන්න කාන්තාරේ…

ඔබ ලිව්ව සන්සාරේ…

සැනසෙන්න මා හා…

එන්න මා හා…

ලංවෙලා සදේ

තව දවසක් ඔබ හා…

සිපගන්නම් වෙලිලා…

තුරුලේ…සුවසේහේ…

Official Audio:

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply