ටිංකිරි | Tinkiri by DJ JNK x Moniyo x Dimi3 [2022]

Sinhala song lyrics with music notes illustration

චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ,
මම මත්වෙලා දැං ඉන්නෙ,
මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා….
ම්…. සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ,
මේක තැපෑලෙම්මයි එන්නෙ,
ඔලු රත්වෙලා වැනෙන්නෙ…

ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි
ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී
සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි
කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි

ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන්
Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ
තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ
ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ

ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා
මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා
දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා
දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා

බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි
මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි
සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි
දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි

හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ ⁣බල්ලෝත් කන්නෑ සල්ලි,
බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි
අන්තාරාවයි මායම් පෑම ඇ⁣දේ ඉදං උඩු මැල්ලි
කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

අක්ක පන කියන් වටේ එවුන් සාත්තු,
මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් )
හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං
බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං…

හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා
ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ
රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා
හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්…

අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන්
පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ
වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම්
ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ…

රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ
උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ
මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ
කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ..

ඉල්ලං ඉල්ලං ඉල්ලං
අපි අඹ ගන්නේ
අල්ලං අල්ලං අල්ලං
අපි ඉඹ ගන්නේ

උපතින්ම මෙන්ටල්නේ බන්,
ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්,
ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්,
රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්!

පොඩි කාලේ ඉදන් මනමාල විසේ,
කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ,
බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ,
ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ,

කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ,
ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා,
කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා!
බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා!

නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස,
කරකලා ගන්න සුදු නෝනල සද්දේ,
මදි තව අබරල ගන්න තව පැත්තෙන්,
සාරි පොට ගැලවිල විසිවෙල යන්න!

කප්පරකට දෙන්නම් මන් ආ,
ආලේ මකරන්ද ආලේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
නැති වෙන්නේ මගේ ප්‍රාණේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
සුදු කෙල්ල ගමේ ආලේ,
කප්පරකට දෙන්නම් මන් ආ,
දෙන්නම් සුර සැප ආයේ!

ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ,
ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ!

කටින් පුටින් නමුත් වැඩ සූටින්,
හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්,
මල්ලේ!
තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්,
සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින්
නංගේ!

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා
දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා
යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම්
පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply