වචන මවන මැෂින් | Wachana Mawana Machine by BEE ft. OOSeven, Zany

Sinhala song lyrics with music notes illustration

අදාල තැනට
කතාව කියන්නෙ කෙටියෙන්
මේ ලෝකෙට එහා ලෝකෙක අවසිහියෙන්
ඇග හිරි වැටෙන සිංහල රැප්
උන්මාදය දෙවෙනි කොටස
වචන මවන මැෂිම

බලන් ඉන්නෙ නිග
වෙන දේවල් සෙල්ලමේ
අපි දෙන්න බහිද්දී මේකෙ
උනුසුම වැඩි වේ
මේවා නම් කරාටි
බැන්දේ කලු පටිය
විනාඩි දෙකට මවන වචන
කීයද බලපං මැෂිමේ

ජීවිතේ ගැන කතා කරා
අසල් වැසියෝ
ජීවිතේ ගැන නිසදැස්
ලිව්වා කවියෝ

පදවන්නේ වැඩ දන්න නැවියෝ
නැව කියවන්නේ පිරිමි දැරියෝ

සොමියට බර දුර නොපෙනෙන
වරදි නොදැන අනාගතේ ගලපන
සිතුවිලි ධන
මානසික රින
එක මොහොතක හැමදේම එපා වෙන

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

අහපං සෙවනැලි
යන්නේ මගේ කතාව
මුලින් මැරි මැරී
මතක පොත ලිව්වේ
මතක් කරන් අපේ අතීතේ
මගේ මේ සිතුවිලි සිරගැති

කරන්නේ නැහැ කිසිදෙයක්
කාගෙවත්ම යටතේ
මගේම නීති
තීරනේ කනතේ
බොනතේ මට ඕන දේ
කරන්නේ නෑ මං සෝබනේ

කොහෙත්ම පිට කවරෙන්
මනින්න බැහැ පොත
මං ගැන අහපං මගෙන්
කියන්නම් එතකොට
රවන්නෙපා බං කාටවත්
අඩෝ උඩට යන කොට
කරන්න එපා බාධාවක්
කිසිම කෙනෙකුට

කලගුණ බලාගන්න
සලකපං සතෙකුට
කොහෙද අවදානම
මං ආසයි එතනට
අරං පලයං මාව
සැප හොයන්නේ තාම
මම යන්නෙ අභිබවා
බැදපු බැමි කපා
ඉල්ලන්නෙ කොල්ලො වතුර
මගේ වදන් ටැබා

මගේ කලාව සමානයි
වචන සංග්‍රාම
ගිවිසුම් අත්සන් කරාම
අවසන් දැන් පසුබැසීමට විරාම
අවසර ලද සැනින් දූවිලි කරාම

හරි හතරැස් වචන හැඩ කරා ලියලා
ගනන් කරගනින් වචන ගාන කියලා
හුස්ම යන්නෙ මෙහෙ නම තියලා
දැන් දන්නවා නේද අපි කවුද කියලා

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply