වින්කලේ සයිකලේ | Winkale Cykale by Gemba Crew [2018]

Sinhala song lyrics with music notes illustration

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ලදරන් වෙලා දිරනවා
ඒත් පදිනවා ඔහේ

වෑල් කරෙන් හුලං විදිනව
ටයර් වලින් කම්බි පනිනවා
බ්‍රේක් වදින්නෑ
පලු ගෙවිලා ඒත් පැදගෙන පැදගෙන
මං ඔහේ යනවා



වහලේ හිල් පොල් ගෙඩි වැටිලා
සාලේ බිම නෑ තව මැදලා
හම්බ කරේ රෑ නිදි මරලා
ඒ හම්බ කරපු සල්ලි සේරම
කෙල්ලට වියදම් කරලා
මජං අතේ අතේ ගාගෙන හරි
මං බල්ලො පයිනකොට දාගෙන යනවා
බකල් නිසා රෝද දෙකම
ඩබල් දාගෙන යනකොට දෙපැත්ත කනවා

සේසත හූරලා හෝ පෙම්බරියේ
නහුටෙට ලෙඩ ඇත බයිසිකලයේ
කචල් වුණත් රෝද දෙකම මට
අත අරින්න බෑ හිත බැහැයිලු මගේ

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ලදරන් වෙලා දිරනවා
ඒත් පදිනවා ඔහේ

ඔන්න කිව්වා
මෙව්වා නයිස් ගැල්වනයිස් ස්පෝක් කම්බි
වින්කලේ අයියා කිව්වේ
සයිකලේ රෝදෙ අල්ලද්දී
දහයයි පන්සිය පනහයි
තව සතයක්වත් අඩුවෙන් දෙන්නෑ
මල්ලි එපා නම් කියන්න
සයිකලේ තියන්න
පිට නෑ කොහේවත්
අඩුවට හොයන්න

ආහ් මලකඩ කන්නෑ
රෝද දිරන්නෑ වාඩිවෙලා වෙලා
පැදගෙන යනකොට තේරෙයි
තට්ටං දෙකටම කොහොමද සනීපේ
දාඩිය නෑ දැවිල්ලක් නෑ
සීට් එක තනිකර කොට්ටං ලීයෙන්
ඇඩ්වාන්ස් ගෙවන්න
බඩු වෙන් කරන්න
පස්සෙ පසුතැවෙන්න එපා
මල්ලි මං කිව්වා ඔන්න

හිත ගිය හින්දා
ලෙඩ බැඳ ගත්තා
සයිකලේ අරගෙන මංගල දවසෙම
කෙල්ලෙක් දැක්කා
hi එන්න නංගි බයිසිකලේ
ඩබල් දාල යමු ගම වටේ
වාඩිවෙන්න බාර් එකේ
දැන් යකෙක් බැඳ ගත්තා වගේ මේකි දැන්

ඔය ගෑනී ගත්තොත් උඹට
වෙන්නෙ පොලවේ පස් කන්න
මව්පියෝ කිව්වා නිතර
ඇහුවේ නෑ ලොකු කමට

සයිකලේ උඩ මලකඩ හූරලා
පේන්ට් එක දාලා වින්කලේ
වැඩිපුර මිලකට දුන්නේ රවටා

උඩ ඔපේට රැවටුනා මං
යට හපේනේ නොදැනුනා බං
අම්ම කිව්වේම දැන් වයාපං
බෙරේ බැන්දා නම් ගෙජ්ජි හොලෝපං

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ලදරන් වෙලා දිරනවා
ඒත් පදිනවා ඔහේ

වෑල් කරෙන් හුලං විදිනව
ටයර් වලින් කම්බි පනිනවා
බ්‍රේක් වදින්නෑ
පලු ගෙවිලා ඒත් පැදගෙන පැදගෙන
මං ඔහේ යනවා

වහලේ හිල් පොල් ගෙඩි වැටිලා
සාලේ බිම නෑ තව මැදලා
හම්බ කරේ රෑ නිදි මරලා
ඒ හම්බ කරපු සල්ලි සේරම
කෙල්ලට වියදම් කරලා
මජං අතේ අතේ ගාගෙන හරි
මං බල්ලො පයිනකොට දාගෙන යනවා
බකල් නිසා රෝද දෙකම
ඩබල් දාගෙන යනකොට දෙපැත්ත කනවා

මගෙ පෙම්බරිත්
වින්කලේ සයිකලේ වගේ
ගෙම්බා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply