ආදර මගේ ජේසුනි | Adara Mage Jesuni byRookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

ආදර මගේ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ

සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි

මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා
සමිඳේ

මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ
සමිඳේ

ආදර මගේ ජේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු
සමිඳේ

සිතු සිතු දේ මම කලා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී
හඬමි

ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි
ඔබට

ඔබ දුන් හැමදේටමත්
මට දුන්නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන්
සමිඳේ

ආදර මගේ ජේසුනි
හමුවෙමු යළි මතුදිනේ
දින දින වැජඹේ ලොවේ
සමිඳේ

සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී
හඬමි

 

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply