සිතුවිලි | Sithuvili by Indrachapa Liyanage

සුසුම් පවන් රෑලී නැගී
නොකී කතා අනන්තයට ඇදී
නිමා නොවෙනා මතකයයි ඔබේ ආදරේ
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා

සිතුවිලි අහුරක් මුදා හැර.
විසිරී යන්නට ඉඩ හැර
සිහින සිතුම් උවමක සිත්තම් කල
බොදවුනු ඇද උනු රේඛා.
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා…

සද ගිනිගත් ඝන රෑ අහසේ
තරු කැට නිවී ගිය පැයේ
අතීතයේ නොගැයූ ගීයේ
පොපියන දෙතොලග මිමිනේ
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා…
වෙලුනා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *