in SANUKA

පෙරවදනක් / Perawadanak – SANUKA

පෙරවදනක් වී…

මගේ කතාවට

පටුන ලියන්නට…හීන එවා…

පිටුවෙන් පිටුවට

ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා…
අරුත බිදී… ගිය

අන්දරයක රස

කිමැයි කියා…

නොදැනෙන හින්දා…

තවත් තියෙනවා….

හිතේ… පොතේ… ඉඩ

මෙතෙක් ලියූ…

කිවිදියම පතා…
පැතූ කතාවේ…

නිමක් දකින්නට…

උපන් බවේ පින මදි හින්දා…

බලා හිදිමි මතු බවයක හෝ…

පසුවදන ලියන්නට…

එතැයි කියා…
පෙරවදනක් වී…

මගේ කතාවට

පටුන ලියන්නට…හීන එවා…

පිටුවෙන් පිටුවට

ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා…

Official Music Video:

** All credits goes to the original artists **

banner

Leave a Reply