Sinhala song lyrics with music notes illustration

මනුස්සකම පිලිකන්නක
අම්මලා අඩනව මිනී කන්දක් යට
තාමත් රස්නෙයි පිච්චුන ඒ රට
ඒත් බොලාට ලොකු එන මහ චන්දෙද
පෙට්ටි ගොඩේ තියන් චන්ද පෙට්ටී
රට ගොඩ නගමුලු අනාගතේ වලලද්දී
පුංචි පවුල රත්තරං
වටින්නේ නෑ මුන්ට සතයක් තරම්මවත්
ගහල දෙන්නෙ කක්කුස්සියක්
ගූ වුනත් කයි දෙනවනම් චන්දයක්
බලු උන හැටි මහ ජාතියක්
පතාන සත 25 වාසියක්
අපේම බදු වලින්
උන් ගහන බදු වුනා
උන් කියන බොරුවලින්
හැමෝම බඩ උනා
චන්දයක් ගානේ ඒ බඩවල් හිස් උනා
නොයෙකුත් සක්කිලි ඒවගෙන් ඉපදුනා

දියවන්නවේ
කකියන සෙනේ
රට ගැන නොවේ…
මුතු රට අපේ
විකිණෙන දිනේ
අත ලඟ වගේ දැනේ….

සුර ලොව හෙව්වා
එල්ලිලා අලි නැට්ටේ
පොහොට්ටුව ඇයි තව පිපිලා නැත්තේ
ගිනි බත් සීනුවෙත් මැද නෑ සද්දේ
දැන් ඉතින් සිංහයත් නෑ කොඩි මැද්දේ
මිනිස් ඔලුව හොදටෝම හිස්
බැංකුවත් හිස්
බඩත් හිස්
යුද ගිනි ඉවර කලත් වසරක තිස්
බඩගිනි නිවන්නේ නෑ මුන් එකෙක්
චන්ද පෙට්ටිය නම් පින් කැටේට
රුපියලක් දාපන් හිගන්න නඩේට
ඒත් සැනසෙන්නෙ නෑ තොපි කපේට
රටට විනයක් සුදු ඇදගත් නඩේම
මගේ සිරිලක පින් බිමකි
ඇති කෙලෙසුවා ඈ අඩති
තව ටිකකින් හුස්මත් නවතීවී
ඊට කලින් නවතින්න ඇති ගරු මැතිතුමනි

දියවන්නවේ
කකියන සෙනේ
රට ගැන නොවේ…
මුතු රට අපේ
විකිණෙන දිනේ
අත ලඟ වගේ දැනේ….

දියවන්නවේ
කකියන සෙනේ
රට ගැන නොවේ…
මුතු රට අපේ
විකිණෙන දිනේ
අත ලඟ වගේ දැනේ….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply