in Sunil Edirisinghe, Uncategorized

Miniseku Pita Nagi Asaruweki / මිනිසකු පිට නැගි අසරුවෙකි – Sunil Edirisinghe

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

හෙට මම ගෙදරට සුර සැප දෙනවා…
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා…
කාසිමල්ල සතෙකුගෙ පිට යනවා…
දූ දරුවන් පැදුරෙ නිදියනවා…

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

ඉරණම විසදුම සතෙකුට දෙනවා…
තිරිසනෙකුට මිනිසකු පරදිනවා…
දරුවන් බිරිදත් ගිනි උහුලනවා…
සිහිනෙන් නුඹ තව ගෙවල් හදනවා…

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

banner

Leave a Reply