රාගිණියේ | Raginiye by Harry Harsh [2022]

Sinhala song lyrics with music notes illustration

නා දළු වන් ඇගේ දෙතොල් අතරේ
මම මොහොතක ඇස් යවලා
පීදෙන හැගුමන් ගොන්නක
හිත දැන් පැටලී නතර වෙලා
සිහිනෙන් මත්වූ සිහින ලොවේ
සිරි සිහිනෙන් සිතුවම කරලා
චායාවක හැඩ දහසක් මවමින්
හැඟුමන් උමතු වෙලා

රාගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා

සීතල හිම මත දැවටෙන විට
මුදු පහසක සුව වින්දා
ලාලිත ගමනක ඉගිලෙන
නුබ ගැන හැගුමන් පොදි බැන්දා
මීවිත පුරවන හාදු වැස්සක
හිරියෙන් මුව හංගා
කෝමල කමටම ඔය දැගලිල්ලට
සත්තයි මන් ඇදුනා

හද සනහා කිති කැවෙනා
නාබි කුඩගක පැහැයක කෙලිලොල්
කම පිරුනා
පිරිමැහෙනා ලැම දිලෙනා
හිත අල්ලන නාරී ලිය අගනා
රස දෙන්නී කොඳුරන්නී
දෙකපුල් වශියට තවරා හා
රුචිරාවී කියඹුලතා වල
ඉඟියට කුලුදුල් සුව දිලුනා

ගිනි සළුව වගේ පද්දන
නුබේ ගමන දැකම දැකම
මට පිස්සු වගේ හිත ගැස්සෙයි
දැනෙයි කැක්කුම කැක්කුම
නුබ පිච්චෙයි රාගිනියේ
ගිනි දැල්ල එකම එකම
දිය සුලියේ මැද කැරකෙමු
රඟදාලා ඔක්කොම ඔක්කොම
හුරුබුටි ටිකක් චන්ඩි
බලන්න මම හැන්ඩි
Bmw වන්ඩි අපි රවුමක් යමු Kandy
නුබ තියන තියන අඩි
අපි මදිනවා අත් පුඩි
හරිම Sweet ඔයා Chubby
ඒකයි හුරතල් වැඩී

රගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply