හිත රිදුනු තරම් | Hitha Ridunu Tharam by Denuwan Kaushaka [2022]

Sinhala song lyrics with music notes illustration

හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

ලැබුනත් ලොවක් සම්පත් පිරී
පල නෑ ඒ හැම දෙයින්
මගෙ ලෝකයේ අදටත් නුඹයි
නුඹෙ ලෝකයේ මං නැතත්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක්ද
ඔයාගෙ ආදරේ මට

වෙහෙසයි ඇතියි කියලා සිතී
නැවතෙන්නේ මා කෙසේ
සතුටත් නුඹයි කඳුලත් නුඹයි
මේ ලෝකයේ මට ඇතී
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද ඔයාගෙ ආදරේ මට

හිත රිදුනු තරම්
හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply