වැහි පබළු සැලී | Wahi Pabalu Sali by Surendra Perera

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
සිහිනෙන් දකිමී… සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී… මම පෙම් බඳිමී…
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

written by Upul Shantha Sannasgala

Leave a Reply