අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ
ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හා හා හා හා… ම් ම් ම් ම් ම්…
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හා හා හා හා… හෝ හෝ හෝ හෝ හෝ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ