හෙවනැල්ල | Hewanalla by Kelwiz ft. Chubby [2023]

Sinhala song lyrics with music notes illustration

සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ
ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ
සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ
මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ

වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත්
පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක්
ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස්
සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක්

මතකයි හැමදේම නෑ කරේ අමතක
ගත්තා දෛවය උදුරගත්තු හැමදේම
ඔව් හැමදේම නැතිවුනා එක පාරින්
මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්

දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා
සමහර තැන්වල ජීවිතේ එපා වුනා
කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා
යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා

මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි
යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි
නැති තැන කිව්වත් මං ගැන කතා වටවී
දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී

ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු
හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු
පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු
මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු

හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට
ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට

මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න
නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න
මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න
මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න

අදුරු මතක අතරේ
සැනසීමක් නැහැ දැනුනේ
ඒ කදුලින් පෙරලූ පිටුවේ
ආලෝකයක් අර්ථෙන් දැනුනේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ ජීවේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ අර්ථේ

අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක්
වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්”
එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා
නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා

ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ
කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ
මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ
වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ

ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින්
සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා”
අසුන්දර මතක අතක ගුලි කරන්
ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා

ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ
ගත්තේ මං හිතේ සවියෙන්
වචන අවියෙන් තනිකම් මැකුනා,
මට මාව දැනුනා, අනාගතේ පෙනුනා,
දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා!

තමාට තම අතමයි හෙවනැල්ල
දුකේ තරම දන්නේ පෙනහැල්ල
තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද
කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත

හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා
අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා
බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා
මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා

නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ
සැනසී වැනසී යැද්දේ ජීවිතේ
කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ
රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ

අදුරු මතක අතරේ
සැනසීමක් නැහැ දැනුනේ
ඒ කදුලින් පෙරලූ පිටුවේ
ආලෝකයක් අර්ථෙන් දැනුනේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ ජීවේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ අර්ථේ

written by Kelwiz

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply