වට්ටක්කා | Wattakka by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

Ladies and gentlemen
මම දනිත් ශ්‍රී
කියන්නට ආවේ
සිංදු නෙවෙයි තේරවිලි
අත් උස්සලා ගන්න දෙන්නේ නෑ
ටොපී
අත්පොඩි තාලෙට ගී
නැලවිලි

ඔක්කෝගෙම අක්කා
වට්ටක්කා
ලිස්සන අක්කා
අපේ බණ්ඩක්කා
කාගෙත් අයියා දහයියා
කිඹුලගේ මල්ලී මේ හූනා //

අතුරු මිතුරු
දඹදිවතුරු
රාජ කපුරු කපුරු
සෙට්ටියෝ
අලුත ගෙනා මනමාලිට
ගරාලා
හාල් වටේටම බෙදන්නෝ

ඉහල ගෙටත් බෙදන්නෝ
පහල ගෙටත් බෙදන්නෝ
ඉහල ගෙටත්
පහල ගෙටත්
අතක් ගනින් දැන් සෙට්ටියෝ

පුංචි පුංචි ගෙඩි

ඔක්කෝගෙම අක්කා //

උඩිනුත් ගින්දර
යටිනුත් ගින්දර
මැද්දේ සවුන්දර
ආප්පේ

සුදු මහත්තයෝ
කලු තොප්පී දාගෙන
ගිනි කූරයි මේ එන්නේ

පුංචි ලිදේ පොඩි
වතුර රසයි
හෙට උදේට බොන්න හොදයි නේ
අර ලස්සන බලන්න පාට පාට
දෙයියන්ගේ දුන්නේ
දේදුන්නේ

කොණ්ඩේ ඇතත්
නැතත් තියෙන්නට ඕනේ
පනාව කල්පනාව නේ
කොල්ලෝ
කටු නැති කැලේ
ඇට නැති සතා
උකුණා නේ සුදු මහත්තයෝ
හොටු පෙරාන ඉදගෙන දියවෙන
උඹ ඉටිපන්දම නේ දන්නවෝ
බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියනවා
ගාපන් පොල් දැන් හිරමනයෝ

අතුරු මිතුරු

ඔක්කෝගෙම අක්කා //

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply