සුරලාලිනීයේ | Suralaliniye by Solo Town [2023]

Sinhala song lyrics with music notes illustration

සරාග හිනාවෙ
නුරාග වෙලාවෙ
පුරාලු මිදි මදිරා
මධුමල් කිනිත්තේ
පෙම් හිත කෙනිත්තු
ඇදුරුතුමියයි ඔයා
අනුරා කතාව
ආදර කලාව
මට උගන්වන්න බැරිදෝ

සුරලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල්දාමිණියේ මනහාරිනියේ
කදිමයි උඹ හරි පුදුමයි
සුරලාලිනියේ

Here we go gain
රෝස පෙති වගේ දෙතොල් උමතු කලා මාව
එක බැල්මෙන් උනත් රැවටෙයි ඒ නෙතු දුටුවාහම
මාව අල්ලේ උනත් නටවයි නේ ඇය හැමදාම
ගහේ දල්ලේ උනත් ගෙඩි එන්නේ මල් හැදුනාහම

මේ ආදරේ විනාසකාරී රාගිනි පහස
මං ආස්සරේ කරපූ ගමන් දැනුනා ඒ රහස
නුබ ගාවනම් හිලෑ නෑ හිත නෙමෙයි අපහාස
ඉතින් කාමිනී රාගය අස්සේ පාන මදහස

සැන්දෑ ලතාව

පොප් ගීතිකාව
පාවී ඔහෙ යන්ද
රෝන්දේ ගිහින්ම
මහන්සි වුණාම
රෑ මැද ගුලි වෙන්න
හාවා වගේම
ඉන්නම් හදේම
බෑ දැන් අතාරින්න

සුරලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල්දාමිණියේ මනහාරිනියේ
කදිමයි උබ හරි පුදුමයි
සුරලාලිනියේ

written by Gihan Chamika

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply