Sinhala song lyrics with music notes illustration

ආයුබෝවන්! අවසර ගන්නෑ මන් ගරු සභාවෙන්,

පුලුවන්නම් අල්ප මාත්‍රාවක් තේරුම් ගනින් මේ කතාවෙන්,

අඩියක් පස්සට තියමි මේ පුහුදුන් සමාජෙන්, 

මං කියන්නම් මට ඕනි දේවල් මම දන්න කලාවෙන්,

මේ ලංකාව සිරියාවයි, ඉතිහාසේ ප්‍රවුඩ 

වර්තමානේ බලන් ඉන්නේ “කෙලවන්නේ කව්ද?“

දැක්කේ නැද්ද තොපි තාම කැරකෙන රව්ම?

මාත් බස්සන්නම් හිරටම පළල් වෙන්න තව්ව!

මං කෑ ගහන්නේ තොපිලාට උඩ ඉඳන් කන්දේ..

පිටින් නෙවෙයි අතුලාන්තෙන් දැක්⁣කොත් පෙනෙයි ප්‍රශ්නේ..

බාල්දියක කකුලුවෝ වගේ මයි මුන් හැසිරෙන්නේ..

උන්ගේ බැනුම් උන් කාපිය මම නෑ වලඳන්නේ..

රැපෙක් වෙන්න ඕනි කියලා නෑ ගුණ අතඅරින්නේ..

නම්බු නාම නෙවෙයි  හු*තෝ මම රකින්නේ..

මේ මොහොතෙදි මම හරිද නැද්ද ඒකයි මට වටින්නේ..

හැබැයි කවුරු කොහොම හිතන් හිටියත් මමයි මේකට අරින්නේ..

පින්නක් පොද ⁣වැටුනාට නොවෙයි පොළොව කම්පා..

අල්ල සිනිදු කියන්නේ මුන් අල්ලාද මන්දා..

මොනානැතතත් තොපේ ඔළුවේ අවසානයි නම රන්දා..

හිතුනොත් 34 ඡන්දේ ඉල්ලනවා මං තොපිලවත් අන්දා..

මට වැඩක නෑ මෙකේ Rhymes, මට වැඩක් නෑ මේකේ Flows,

මං තුවාල පාර පාර ගිහින් හොයන් යන්නෑ gauze..

මේ මාත්‍රාව හරි හැබැයි තොපි OverDose

මගේ ගෑනිට විත⁣රයි ඉඩදෙන්නේ මාව කරන්න මොල්..

තොපේ ඔළු හදාගන්න මම දාහක් වදන් ලියන්නැති..

මේ සින්දු අස්සේ ඇති දේවල් කව්රුවත් ම කියන්නැති..

පරම්පරාවක් වැඩක් නෑ මට රාමුවෙන් පිට හිතන්නැති..

හිරවෙලා වගේ දැක්කේ නැද්ද ලූපයක නිමක් නැති..

ළඟට ගියාම පෙන්නේ නෑ යාලු හඳේ හාවා..

මේ ලෝකේ ඇත්ත හන්ඟලා හොයාගනින් හාරා.. 

මං දන්නවා මේකේ ගොඩක් හැත්ත ඉන්නේ රට කාලා..

හැබැයි මේ කර්මාන්තේදි මමත් ටිකක් හිතයි වගේ ශානා..

නැණයි, බෙලයි වැඩක් නෑ ළඟ නැත්තම් ගුණ,

ගුණයි,නැණයි,බෙලයි වෙන්නේ එහෙමයි මගේ පුත,

ජරාව ඉබේ හේදෙන්නෑ, හෝදගනින් පුක,

ඇස් පියන් ඉඳගනින් දවසක පසළොස්වක පුර,

මුන් මූනට කියයි හොඳ , වටේ යවයි නරක,

උන්මයි ගලවලා පෙන්නුවේ මූණු දෙකේ තරම,

වෙන දෙයක් උනත් ඔච්චරමයි , මං දන්නවා හොඳට,

දැන් දන්නවා මගේ වමේ කව්ද, අනිත් එවුන් කොනට!

පොලිම් පිටින් ගියත් මදි මුන් නිහඬ අරණට..

ගුණත් හදාගනින් බණත් එක්ක මොළේ පදමට..

දැනුම වෙනයි, අත්දැකීම වෙනයි තමයි දහමක..

නොදැන දෙයක් ගරහන්නැතුම හෙමින් වෙයන් අහකට..

උඩත් එකයි යටත් එකයි, මුන්ගේ ප්‍රෝඩාව,

අවස්ථාවෙන් අවදානේ ගන්නේ වගේ කෝණාර,

වෙනසක් තොපිත් පටන් ගනින් දැන් තමයි හෝරාව,

රට හදනවානම් මම උනත් ඡන්දේ දෙන්නේ BORNA! ට..

ලොකු මිනිස්සු හැප්පෙද්දි ,තැලෙනවලු පොඩි උන්,

ලෝක පාලනේ,දේශ පාලනේ අපි ඔක්කොම පොඩි උන්,

“වේද නොවේද දන්නෑ මේවා පෙර කරපු උරුම දේවල්!“

රටක් වෙනස් කර්න්න මම කරන්නේ මට හුරුම දේවල්..

මැරෙන්න දුන්නෑ මගේ ඇඟේ ඉන්න පොඩි එකා..

මොරපු අතු කැඩෙන සුලුයි පටල ගන්න එපා..

මං ගත්තු තීන්දු තීරණ මගේ යටින් තියෙයි දෙපා,

මං පසුතවෙන්නෑ කිසි දේකට වුන එදා මෙදා..

පිහාටුවෙන් මනි මගේ හදවතේ බර,

පහුකරගෙන යාවි හිමින් ජීවිතේ තල,

හාවා හාරපු ගුල ගැඹුරුද ගිහින් බලන් අද,

උබලට ඕනි විදියට හැසිරෙන්න නම් කියන්නෙපා මට..

විහිළු එවා Share කරපු උන් Share කරයි ද මේවා?

මං රණශුරයෙක්මි කරුවෙක් නොවෙයි හේවා..

Egoistic, Narsssasic, Toxic වේවා..

එකෙක් දෙන්නෙක් නෙවෙයි හුත්තෝ කියන්නේ සංහතියට..

තමන් වෙනස් නොවෙන තාක් කල් වෙනස් වෙන්නෑ පද්ධතියම..

මටත් බැනතැහැකි ගමට, පන්සලටද පල්ලියටද

බනින තරමක් කෙලවෙන්නෙත් මටම තමයි..

මේ ලොකේ එක පැත්තක් ගත්තොත් සහමුලින් කුරිරුයි..

හැබැයි ඒ වගේමයි අනිත් පැත්ත පිරිසිදුයි මියුරුයි..

මේ දේවල් දකින්න බැරිනම් මං දන්නෑ කව්ද වැරදි..

මේ ලෝකේ දෙවල් සිද්දවෙන්නෑ අපි විතරක් කැමති.. 

ඒත් පුලුවන් මට හොඳක් කරන්න තෝරගන්න මේ මොහොතේ..

මේ මෙහෙයුම උඔලාගේ රාමු  කඩලන්නයි බොහෝ සේ..

හිසේ ඇම්ම කිය කිය මාරු කලාට මදි කොට්ටේ..

වෙනස් එකෙක් වෙන්න බලපන් එක වගේම රොත්තේ..

මං එදත් අදත් කරයි හරි දේ ලෝකයා නොදැක්කත්..

අනිත් උන්ට ගරහන්නේම නැති උන් තමයි දැක්මක්..

පවත් පිනත් බලපානවා දකින්නටත් ඇත්තක්..

ඒකයි මට ගානක් නැත්තේ මුස්ලිම් කෙල්ලෙක් බැන්දත්..

written by Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply