මා ළඟටම | Maa Langatama by W.D.Ariyasinghe

Sinhala song lyrics with music notes illustration

මා ළඟටම තව ළංවෙලා
හිඳින්න නිහඩ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළැගිල්ලේ අදනම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
හිඳින්න නිහඩ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළැගිල්ලේ අදනම් අවදි නොවේ…

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනදා දිටු කින්නර පෙම් සිහිනේ
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නාවේ….

කල්පකාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු ඒ රෑ අනාගතය සොයලා
නලමුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනගුනු සුවය දැනේ ළඳුනේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply