in W.D.Ariyasinghe

මා ළඟටම | Maa Langatama by W.D.Ariyasinghe

මා ළඟටම තව ළංවෙලා
හිඳින්න නිහඩ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළැගිල්ලේ අදනම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
හිඳින්න නිහඩ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළැගිල්ලේ අදනම් අවදි නොවේ…

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනදා දිටු කින්නර පෙම් සිහිනේ
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නාවේ….

කල්පකාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු ඒ රෑ අනාගතය සොයලා
නලමුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනගුනු සුවය දැනේ ළඳුනේ…

banner

Leave a Reply